කටට රසට චිකන්

කට ගැස්මට චිකන්


අවශ්‍ය ද්‍රව්‍ය:
කුකුල්මස් 1kg
බොම්බයිලූණු ගෙඩි 1/2
තක්කාලි ගෙඩි 1
අමුමිරිස් කරල් 2
සුදුලූණු බික් 5
අගලක් ඉගුරු කැබැල්ලක්
කරදමුංගු 3
කරාබුනැට් 3
අගල් 1/2 පමණ කුරුදුපොතු කැබැල්ලක්
මිරිස්කුඩු තේහැදි 2
බැදපු තුනපහ කුඩු තේහැදි 1 1/2
කහ තේහැදි 1/4
කරපිංචා
රම්ප
පොල්තෙල් මේසහැදි 2
උකු පොල්කිරි කප් 4 (මෙෂරින් කප්)
ලුනු රස අනුව

සාදන ආකාරය ;
මුලින්ම මස් කපා හොඳින් පිරිසිදු කර භාජනයකට දමාගන්න. දැන් එයට මිරිස්කුඩු , බැදපු තුනපහ කුඩු, කහ කුඩු හා ලුනු දමා හොඳින් කළවම් කර පැය 1/2 පමණ තබන්න. ඊටපසු කරදමුංගු , කරාබුනැට් හා කුරුදුපොතු ග්ලයින්ඩ කර කුඩු කර ගන්න. දැන් මැටි බ්වළදක් ලිප තබා එයට තෙල්දමා තෙල් රත්වූ පසු කුඩු කරගත් කරදමුංගු , කරාබුනැට් හා කුරුදුපොතු කුඩු එක්කරන්න. පසුව තලාගත් ඉගුරු,සුදුලූණු එක්කර ‍රන්වන් පැහැ වෙනතෙක් පිස එයට කපාගත් බොම්බයිලූණු , අමුමිරිස් , කරපිංචා හා රම්ප එක්කර බොම්බයිලූණු ටික රන්වන් පැහැ ගැන්වීගෙනඑන විට කපාගත් තක්කාලි ටික එක්කර තක්කාලි ටික තැම්බෙන තෙක් පිසගන්න. දැන් සීසන් වීමට තැබූ මස්ටික එයට එක්කර හොඳින් කළවම්කර පියනකින් වසා මස්වල ඇති වතුර හිදෙනතෙක් පිසගන්න. පසුව එයට පොල්කිරි ටික එක්ක හොඳින් කළවම් කර ලිපේ ගින්දර අඩුකොට පියනකින් වසා තික් කරි එකක් වෙනතෙක් පිස ගන්න .( පිසින අතර තුර වරින් වර පියන ඉවත් කරමින් හැදිගාමින් කළවම් කරන්න .) දැන් ඔබ කැමති ආකාරයට පිළිගන්වන්න.

Published by Fragment oF Me

Thinker & Organizer

Leave a comment

Design a site like this with WordPress.com
Get started